Skip to main content

Posts

Showing posts from July, 2014

දෙලොව

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඩොක්ටර් ගේ ඩිස්පැන්සරිය අසල සිගමන් යදින සිගන්නා දිවා කාලයේ දී ඩිස්පැන්සරිය අසලින් ගමන් ගන්නවුන්ගේ දෙනෙතට සුලභ දර්ෂනයකි. නිතරම සිනහමුසු මිහුණින් යුතු ඔහුගේ උඩු ‍රැවුල යම් තේජවන්ත බවක් කියා පාන නමුත් ඔහුගේ සුදුමැලි බව විටෙක ඔහුගේ මුහුණට ගුප්ත බවක් එක් කළේ ය.

වනබැද්දේ මරණය-පළමු කොටස

මෙය සවිනු වින්ජයගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. එක් කළෙක මිත්‍රයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සේතන් සහ උක්කුවා යනුවෙන් හදුන්වමු.  මොවුහු කෙතරම් මිත්‍ර ද යත් ඔවුහු ගොවි තැන් කළේ, කෑවේ බිව්වේ, ගමන් බිමන් ගියේ එකටම ය. පුදුමාකාර මිත්‍රකමකට මොවුහු උරුමකම් කීවෝ ය.

පණ

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර ‍තෝංචියක්  නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම ප‍ටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළු‍ටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.