Skip to main content

මුහුදු ළිහිණියෝ උඹත් පියඹන්න.. අකාසයේ


මුහුදු ළිහිණි පැටවා ගල් කුලක නැගී
යොමා දෙ ඇස අඹරට දුක් බැල්ම දිදී
අයියා මලෝ සිය පත් තල තලා ඉතී
හුඹස් බියට පැටවගෙ සිහිනයක් මැකී

දසතම සයුර මදකට හෝ නැත ඉවුර
විරුකම විදුර නැතමුත් සොලවා දෙ උර
කුරුකම සයුර නො දනී ගොං මී අවුර
සුරුකම තිවුර නැත ලබ සිහිනය මියුර

දුබලයි සිතූ මුත් පියපත් නැත දුබල
සිත්හි බලය පමණක් උගෙ නැත පබල
වැරෙන් සලා මෘදු සුදු පියපත් යුගල
නොකර කිසිත් බියෙන් වැසෙයි නෙත් සගල

කන් නො යොමා මුල් ගුරුවර තෙපුල්ලෙහි
උගේ මතය සළකා ලොව විපුල්ලෙහි
කල් නො යොදා අසනට ප්‍රිය ඇසිල්ලෙහි
බැණ දෙරණට මහ සමුදුර මැවිල්ලෙහි

රචනය- යූ. බී. රුසිරු අංජන ගුනරත්න

Comments

Popular posts from this blog

Adobe After Effects Basic Training පස්වැනි කොටස

අපි සිව් මානයනේ.. අද කතා කරන්නේ ත්‍රිමානය ගැන..

Adobe After Effects Basic Training සත්වැනි කොටස

කට්ටිය මුල් ටික හොදට ඉගෙනගත්තා කියලා හිතනවා.. මේකෙන් Chroma Key/Transform Mode ගැන කතා කරනවා..

පණ

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර ‍තෝංචියක්  නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම ප‍ටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළු‍ටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.