Skip to main content

දෙලොව

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
ඩොක්ටර් ගේ ඩිස්පැන්සරිය අසල සිගමන් යදින සිගන්නා දිවා කාලයේ දී ඩිස්පැන්සරිය අසලින් ගමන් ගන්නවුන්ගේ දෙනෙතට සුලභ දර්ෂනයකි.

නිතරම සිනහමුසු මිහුණින් යුතු ඔහුගේ උඩු ‍රැවුල යම් තේජවන්ත බවක් කියා පාන නමුත් ඔහුගේ සුදුමැලි බව විටෙක ඔහුගේ මුහුණට ගුප්ත බවක් එක් කළේ ය.
දිවා කාලයේ දී සිගමන් යැදීමෙන් රුපියල් හත් අට සියයක් සොයා ගන්නා ඔහු රාත්‍රියේ කොතැනකද කියාවත් සොයා ගත නොහැක. ඒ බව මධ්‍යම රාත්‍රියේ ඩිස්පැන්සරියෙන් පිටව යන වෛද්‍යවරයා හොදින් ම දනී.

නමුත් එක් දිනක් වෛද්‍යවරයා සිගන්නාව රාත්‍රී කාලයේ දී දු‍ටුවේ ය.
"ආ.. ‍රැට එහෙම කෑවද?" ඔහු ඇසුවේ ය.
පිළිතුරක් නැත.
වෛද්‍යවරයා සිගන්නා වෙත ලං විය. පුදුමයකි !!! සිගන්නා සෙලවෙන්නේ වත් නැත. කිහිපවරක්ම හඩ ගෑ වෛද්‍යවරයා සිගන්නාගේ නාඩි පරීක්ෂා කලේ ය. ඔහු ජීවතුන් අතර නැත. වික්ශිප්ත වූ වෛද්‍යවරයා වහාම සිගන්නාව රෝහල වෙත ‍රැගෙන ගියේය. නමුත්, ප්‍රමාද වැඩිය. ඔහුගේ දිවි තොර වී ඇත. 

මෘත ශරීරාගාරයට යැවූ ඔහුගේ දේහය  පසුදින දැක ගැනීමට නොහැකි විය. නමුත් ඔහු සුපුරුදු පරිදි ඩිස්පෙන්සරිය ඉදිරි පස සිටියේ ය. වෛද්‍යවරයා ඉමහත් ත්‍රාසයට පත් විය.

"බය වෙන්න දෙයක් නෑ මහත්තයා. දවල්ට මම සල්ලි හම්බු කරාට රෑට මට වෙන දේ කවුරුවත් දන්නේ නෑ. මාව ‍රැට මැරෙනවලු. එහෙම කිව්වේ මගේ අම්මා. අම්මයි, තාත්තයි දෙන්නම මාව දාලා ගියේ මං ගැන බය වෙලා. දවල්ට මේ ලෝකේ ඉන්න මම රෑට ඒ ලොකේ. පුදුම වෙන්න එපා."

"ඒත්" වෛද්‍යවරයාගේ මුවින් පිට වූයේ එපමණකි.

Popular posts from this blog

Adobe After Effects Basic Training පස්වැනි කොටස

අපි සිව් මානයනේ.. අද කතා කරන්නේ ත්‍රිමානය ගැන..

Adobe After Effects Basic Training සත්වැනි කොටස

කට්ටිය මුල් ටික හොදට ඉගෙනගත්තා කියලා හිතනවා.. මේකෙන් Chroma Key/Transform Mode ගැන කතා කරනවා..

පණ

මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර ‍තෝංචියක්  නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම ප‍ටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළු‍ටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.