මෙම කතාව රුසිරු ගුණරත්න ගේ නිර්මාණයකි. උපුටා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. හිරු තවමත් අවරට නොගිය නමුත් හාත්පසම වසාගත් ඝන අන්ධකාරය මාගේ චංචල සිතට ද එබිකම් කළේ හොර රහසේම ය. තොර තෝංචියක් නො මැතිව කඩා හැලෙන වැහි බිදු කඩා හැලෙන්නේ කන් බිහිරි කරවන අකුණු හඩ මධ්‍යයේ ය. මද සෙවෙළ ගතියක් තිබූ නමුත් එම පටු පාරේ ගමන් කිරීම මහත් අපහසු කාර්යයකි. ඈතින් පෙනෙනා පාළු නිවසේ පමණක් ඉටි පන්දමක් දල්වා ඇති බැව් පෙනේ. අකලට වැස්ස වැසි බැවින් වියළි පොළොව සේදීමෙන් ඇතිවන පුළුටු සුවද නාසා පුඩු ආක්‍රමණය කළේ ය.
Comments
Post a Comment