මුහුදු ළිහිණි පැටවා ගල් කුලක නැගී යොමා දෙ ඇස අඹරට දුක් බැල්ම දිදී අයියා මලෝ සිය පත් තල තලා ඉතී හුඹස් බියට පැටවගෙ සිහිනයක් මැකී දසතම සයුර මදකට හෝ නැත ඉවුර විරුකම විදුර නැතමුත් සොලවා දෙ උර කුරුකම සයුර නො දනී ගොං මී අවුර සුරුකම තිවුර නැත ලබ සිහිනය මියුර දුබලයි සිතූ මුත් පියපත් නැත දුබල සිත්හි බලය පමණක් උගෙ නැත පබල වැරෙන් සලා මෘදු සුදු පියපත් යුගල නොකර කිසිත් බියෙන් වැසෙයි නෙත් සගල කන් නො යොමා මුල් ගුරුවර තෙපුල්ලෙහි උගේ මතය සළකා ලොව විපුල්ලෙහි කල් නො යොදා අසනට ප්‍රිය ඇසිල්ලෙහි බැණ දෙරණට මහ සමුදුර මැවිල්ලෙහි රචනය- යූ. බී. රුසිරු අංජන ගුනරත්න